
හෙරොයින් ග්‍රෑම් 150 ක් හා රුපියල් 9 ලක්ෂ 50,000 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වත්තල ප්‍රදේශයේදී කළ වැටලීමකදී පොලිස් භාරයට ගෙන තිබෙන අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පිළියන්දල ප්‍රදේශයේ කළ වැටලීමකින් බඩෝවිට අසංක නැමති සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 146 ක් සමග අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම පංචිකාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 20 ක් හා අත්බෝම්බයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.