
හෙට(15) දිනයේ නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ආයතනයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග මෙම පියවර ගත් බවත්
ඒ අනුව හෙට දිනයේ වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ඇති පුද්ගලයින්ට පවතින තත්ත්වය පිළිබඳව දුරකතන මගින් දැනුම් දී ඇති බවත් එහි සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කරයි.
එමෙන්ම කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාල්ල කාර්යාලය ද මේ වනවිට වසා දමා තිබේ.