
ඇමරිකා එක්සත් ජනපද 2020 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති තරග සගයා ලෙස නම් කිරීම සඳහා කළු ජාතික කාන්තාවන් සිව් දෙනකු ඇතුළු කිහිප දෙනකු සලකා බලන බව ඔහු ප්‍රකාශ කළා.
සිය උප ජනාධිපති තරග සගයා ලෙස කාන්තාවක් පත් කරගන්නා බවට මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණා.බයිඩන් මේ දිනවල මෙම අපේක්ෂිකාවන් පිළිබඳ කරුණු සලකා බලමින් සිටින බව වාර්තා වනවා. මුලින් තෝරාගන්නා කිහිප දෙනා සමග සාකච්ඡා පවත්වා තමන්ට සුදුසු අයකු තෝරාගන්නා බව ඔහු කියා සිටියා.
අගෝස්තු මාසයේ මුලදී ඔහු තමන් තෝරාගන්නා අපේක්ෂිකාව නම් කරනු ඇති.තමාගේ විශේෂිත දැනුම ඇත්තේ විදේශ ප්‍රතිපත්ති අංශයෙන් බැවින් උප ජනාධිපති අපේක්ෂක සගයාට ඒ පිළිබඳ විශේෂ දැනුමක් අවශ්‍ය නොවන බව බයිඩන් ප්‍රකාශ කළා. වඩාත් වැදගත් වන්නේ තමන් සමග හොඳ අවබෝධයක් සහිතව කටයුතු කිරීම සහ අවශ්‍ය ඕනෑම මොහොතක ජනාධිපති පුටුව දැරීමේ හැකියාව තිබීම බව ඔහු කියා සිටිනවා.
