
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් උදෑසන 4 සිට දහවල් 12 දක්වා බැතිමතුන් වෙනුවෙන් පුජා තැබීම පිණිස අවසරය ලබා දෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසිය.
මේ වනවිට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පැවැත්වෙන අතර දිවයිනේ නන්දෙසින් බැතිමතුන් පැමිණ ආපසු යමින් පැවතීම මත හා කතරගම ජිවත් වන ජනයාගෙන් වැඩි පිරිසක් සිය ජිවන උපයා මාර්ගය ලෙස වන්දනා කරුවන්ට සේවා හා භාණ්ඩ සපයා දිවි ගෙවීම මත දැඩි ආර්ථික ගැටළු වලින් පීඩා විදින කතරගම ජනයාගේ ද පැවැත්ම මුල් කරගෙන මෙම තීරණය ගත් බව දිල්රුවන් රාජපක්ෂ බස්නායක නිළමේ වරයා පැවසීය.