
ඉකුත් දා වත්මන් රග්බි සංගම් සභාපති ලසිත ගුණරත්න, නව සභාපතිවරයා ලෙස තේරී පත්වීමට නියමිත,වත්මන් උප සභාපති රිස්ලි ඉල්ලියාස්ට සිය පූර්ණ සහයෝගය පළ කරන බව මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කළේය.මෙවර නිලවරණය සඳහා රිස්ලි ඉල්ලියාස් පාර්ශවය පමණක් නාම යෝජනා දීමට ඉදිරිපත් වීමෙන් පසුව,එම නිතරඟ පත්වීම් ගැන ප්‍රශංසාව සහ ආශිර්වාදය පළ කළ ලසිත ගුණරත්න,තමන් ඉල්ලියාස් එම තනතුරට ඉදිරිපත් වන බව දන්නේන නම් සභාපති ධූරයට තරඟ වඳින බව ප්‍රකාශ කරන්නේ හෝ නොමැති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව නාම යෝජනා ලබා දුන් රිස්ලි ඉල්ලියාස් කණ්ඩායමේ ජූඩ් පිල්ලේ ට ලේකම් ධූරය හිමිවනු ඇත.දිනේෂ් පෙරේරා භාණ්ඩාගාරිකය.නියෝජ්‍ය සභාපති ධූරය සඳහා නසීම් මොහොමඩ් ද,’උප සභාපති ධූරය සඳහා රියර් අද්මිරාල් එච්යූඒඩී හෙට්ටිආරච්චි ද පත් වෙනු ඇත.
කමිටු සාමාජිකයන් ලෙස පරිපාලනයට එක් වීමට නියමිතව ඇත්තේ ෆෂාල් මොහොමඩ්,රොෂාන් ඩීන්,ජීවන් ගුණතිලක,ප්‍රදීප් බස්නායක,පවිත්‍ර ප්‍රනාන්දු,නිරංජන් අබේවර්ධන,බන්දුල මල්ලිකාරච්චි සහ සමන්ත නානායක්කාරය.
