
තමන් යටතේ වූ ආයතනයක සේවය කළ කෙනෙකු සමග විවාහයෙන් පරිභාහිරව සම්බන්ධයක් පැවැත්වූ නවසීලන්තයේ වඩපළ සබඳතා සහ සුරක්ෂාව පිළිබඳ අමාත්‍ය ඉයන් ලීස්-ගැලොවේ එම ධුරයෙන් ඉවත් කිරීමට අගමැති ජසින්ඩා ආර්ඩන් ක්‍රියා කළා.
ඇමතිවරයා තිදරු පියකු වන අතර මෙම ආන්දෝලනාත්මක සිද්ධිය ඔහුගේ දේශපාලන දිවිය ද නිම කර තිබෙනවා. ඔහු සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මහමැතිවරණයේදී තරග නොකරනු ඇති.ඇමතිවරයකු යම් සබඳතාවක් පැවැත්වූ පමණින් එය නුසුදුසු යයි කිව නොහැකි බව පැවසූ ආර්ඩන්, එවන් අවස්ථා ඒ ඒ සිද්ධීන් වෙන් වෙන් වශයෙන් ගෙන සලකා බැලිය යුතු යයි කියා සිටියා.
ලීස්-ගැලොවේ සබඳතා පවත්වා ඇත්තේ ඔහු යටතේ වූ ආයතනයක අයකු සමග හෙයින් ඔහුගේ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් එහිදී සිදුව ඇතැයි චෝදනාවක් මතු වනවා.
