
ඇමරිකානු පාපන්දු ක්‍රීඩාවේ සිටි ප්‍රබල ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක් වන මයිකල් බෙනට් සිය විශ්‍රාමය ප්‍රකාශ කරමින් කියා සිටියේ ඉදිරියේදී තමන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමාජීය සහ වාර්ගික අසාධාරණයන්ට ඇහුං – කං දීමට සූදානම් බවය.
ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ නියැලි ප්‍රබල මෙන්ම ප්‍රවීන ක්‍රීඩකයෙක් ද වන බෙනට්,විශ්‍රාම ගැනීමේ තීරණයට එළැඹිම තමන්ට ආත්මීය වශයෙන් මියයාමක් තරමට දැණුන බව පවසයි.
නමුත් නැවත ඉපදීම සිදුවන්නේ තමන් වෙනුවෙන් වසර එකොළහක් බොහෝ කැපකීරීම් සිදු කළ බිරිඳට සහ දරුවන්ට සිය සාර්ථකත්වය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙමින් ඔවුන්ට සහයෝගය දැක්වීමට බව ප්‍රකාශ කළේය
