
ප්‍රංශයේ නැන්ට්ස් නගරයේ සාන්ත පීතර සහ පාවුළු ආසන දෙව් මැදුරට හිතාමතා ගිනිතබා ඇති බවට සාධක නොමැත්තේ යයි පොලිසිය පවසා සිටියා.
එහෙයින් ඒ පිළිබඳ සැකපිට අත් අඩංගුවට ගත් තැනැත්තා නිදහස් කර හැරීමට පොලිසිය පසුගියදා ක්‍රියා කර තිබෙනවා.මෙම ගින්නෙන් ගොඩනැගිල්ලට හානි සිදුවූ අතර වසර 400 ක් පැරණි ඕර්ගනයක් ද විනාශ වුණා. කෙසේ වෙතත් ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.
