ජාතික ක්‍රීඩා විද්‍යායතනය අධ්‍යාපන අමාත්‍යංශයට උගන්වන්නට යයි

අධ්‍යාපන අමාතත්‍යංශයට බඳවා ගන්නා ලද ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයක් සඳහා දෑ අවුරුදු පාඨමාලාවක් පැවත්වීමට ජාතික ක්‍රීඩා විද්‍යායතනය වෙත වගකීම පවරන්නට අධ්‍යාපන,තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් පිට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පියවර ගෙන තිබේ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ප්‍රධානි සජිත් ජයලාල් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙවැනි පාඨමාලාවක් ප්‍රායෝගික අත්දැකීම් ඇතිව පුහුණු කිරීමට සුදුසු ආයතනය වන ජාතික ක්‍රීඩා විද්‍යායතනයට පැවරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය ප්‍රශංසාව ප කරන අතර එම ආයතනික වාර්තා පැහැදිළි කරන්නේ දැනටමත් ඒ සඳහා 2500 ක් පමණ අයදුම් කර තිබෙන බවය.

පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවල ඒකාබද්ධ සහයෝගයද ලබා ගනිමින් මෙම පාඨමාලාව ඌව,දකුණ,මධ්‍යම,උතුර සහ බස්නාහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor