කන්යේ වෙස්ට්ගේ ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය දික්කසාදයක් වන ලකුණු

ඇමරිකානු රැප් ගායක කන්යේ වෙස්ට් පසුගියදා මෙවර ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ යයි කියා සිටියා.ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ අනුගාමිකයකු ලෙස ප්‍රකටව සිටි ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ දෙනා විශ්වාස කළේ නැහැ.

නමුත් පසුගිය දිනෙක ඔහු සිය පළමු ඡන්ද රැස්වීම පැවැත්වූවා.මෙම රැස්වීම මැතිවරණ රැස්වීමකට වඩා විකාර සහගත නාටකයක් මෙන් වුණා. ඒ පිළිබඳ අදහස් දැක්වූ ඇතැමුන්ගේ මතය වූයේ කන්යේ කිසියම් මානසික ආතතියකින්, අස්ථාවරභාවයකින් පෙළෙන බවක් දිස් වූ බවයි.

තමන් බිහි වීමට සිටියදී තම පියාට තමා ගබ්සා කරවීමට අවශ්‍ය ව තිබුණ බව පැවසූ ඔහු තමාද කිම් කර්ඩශියාන් සමග ලැබුණ පළමු දියණිය ගබ්සා කළයුතු බව කියා සිටියේ යයි හෙළි කළා.මෙම කරුණු හමුවේ කිම් කර්ඩශියාන් සහ ඇගේ සොයුරියන් තදබල ලෙස කෝප වූ බව වාර්තා වනවා. ඔවුන්ගේ විවාහයට ද එය බරපතල ලෙස බලපා තිබෙන බව වාර්තා වුණා. මේ අතර ඉන්පසු දිනෙක කන්යේ ද තම ට්විටර් ගිණුම ඔස්සේ තමන් කිම් ව දික්කසාද කිරීමට ඉඩ ඇතැයි පවසා තිබුණා.

කන්යේ සිය මංගල මැතිවරණ රැස්වීමේදී සිය දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි අදහසක් දැක්වූයේ නැහැ. ඔහු ඒ පිළිබඳ අතරින් පතර යමක් ප්‍රකාශ කළා පමණයි. ඔහු වර්තමානයේ නම් ගබ්සාවට විරුද්ධ බව ප්‍රකාශ කළා.

Recommended For You

About the Author: Editor