
දැනට තුන්වැනි විනිසුරුවා හරහා කඩුල්ල ආවරණය කිරීමේ වරදට තීරණය ගැනීමේදී භාවිත කරණ සාධක නිසා ක්‍රීඩකයන්ට අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවන බව කියන හිටපු සුපිරි ක්‍රිඩක සචින් තෙණ්ඩුල්කාර් එහිදී ප්‍රතිශත නොසළකමින් පන්දුව කඩුල්ලේ වැඳේනම් පිතිකරුවා දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කළ යුතු බව කියයි.
දැනට භාවිතයට ගැනෙන හෝක් – අයි තාක්ෂණය ගැන අදහස් දක්වමින් සචින් පෙන්වා දෙන්නේ එහිදී පන්දුවේ පෘෂ්ඨයෙන් සියයට පනහකට අඩුවෙන් පන්දුව කඩුල්ලේ ගැටෙන්නේනම්,විනිසුරුවා නොදැවීමක් ලෙස කර ඇති තීරණය තුන්වැනි විනිසුරුවාද අනුමත කරන බවය.මෙහිදී විනිසුරුගේ තීරණය සම්බන්ධයෙන් අතෘප්තියට පත් වන පන්දු රකින කණ්ඩායමට අගතියක් සිදුවන බව පෙන්වා දෙන සචින්,ටෙනිස් ක්‍රීඩාවේදී භාවිත වන තාක්ෂණය උදාහරණයට ගනිමින් පවසන්නේ විය හැක්කේ දෙකින් එකයි,එක්කො දැවීයාමක් නැතිනම් නොදැවීමක් බව යි.
කේසේ නමුත් සචින් තෙන්ඩුල්කාර් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී 102 වතාවක්ම දැවි ගොස් ඇත්තේ කඩුල්ල ආවරණය කිරීමේ වරදටය.
