මීගමුව හිර ගෙදර ලොක්කෝ 04ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

වැඩ තහනමට ලක්ව සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් අද (22) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබුණි.

Recommended For You

About the Author: Editor