
ශ්‍රී ලංකා ක්‍රිකට් කණිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයන් ප්‍රමානය නවයේ සිට හත දක්වා පහත හෙළිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.ඒ අනුව අමාත්‍යවරයාගේ අනුමැතිය ලද නව තේරීම් කමිටුවෙන් හිටපු සාමාජිකයන් සිව් දෙනෙකුම ඉවත් කර ඇත.
එම තේරීම් කමිටු තනතුරෙන් විනය කරුණු මත ඉවත් කරන්නට යෙදුණ, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කළ ඩිල්ෂාන් සිල්වා සහ ගජබා පිටිගල නව තේරීම් කමිටුවට ඇතුළත් වී නොමැති අතර,එසේම එහි සාමාජිකත්වය දැරූ ගාමිණි වික්‍රමසිංහ සහ කේ.නිශාන්තන් ද නව තේරීම් කමිටුවට නම් කර නැත.
හිටපු තේරීම් කමිටුවේ සිටි ප්‍රධානියා වන රංජිත් මධුරසිංහ මුල් කර ගනිමින් නම් කළ නව තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස,පැරණි තේරීම් කමිටුවේ සිටි රන්ජන් පරණවිතාන,ෆර්විස් මහරුෆ්,කේ.එච්.නන්දසේන සහ නිලන්ත රත්නායක ද සිටිති.අලුත් මුහුණු ලෙස එම කමිටුවට එක් වී ඇත්තේ ෂේන් ප්‍රනාන්දු සහ ප්‍රියන්ත උදයරත්නය.
මෙම තේරීම් කමිටුවට සම්බන්ධීකරණ තනතුරු තුනක් නම් කර ඇති අතර එම තිදෙනා අතරට විරාජ් ද සිල්වා, සුරාජ් සංජීව සහ පැවති කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකත්වයෙන් විනය කරුණු මත ඉවත් කරන්නට යෙදුණ ඩිල්ෂාන් ද සිල්වා සහ ගජබා පිටිගල අතරින් ගජබා පිටිගල ද වේ.
