මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැහැ

එළඹෙන මහා මැතිවරණය සඳහා නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් නොකරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

2019 නොවැම්බර් 16 වන දින පැවති ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාගයේ දැක්ම” මෙවර මැතිවරණය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස ඉදිරිපත් කරන බවද ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “සෞභාගයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ජනවරම පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුව තුලද ලබා ගැනීමට හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor