
මෙරට කුප්‍රකට පාතාල නායකයෙකුවූ මද්දුමගේ ලසන්ත චන්දන නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ ඉන්දියාවේ බැංගලෝර්හීදී ඝාතනයට ලක්වී ඇත.
ඔහුගේ අනියම් බිරිද ලෙස සිටි කාන්තාවකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර අධික විෂක් ශරීර ගතවීම හේතුවෙන් මරණය සිදුව ඇති බවටද වාර්තා වේ.මියගිය අංගොඩ ලොක්කාගේ දේහය තමිල්නාඩුවේ කොයිම්බතුර් වෙත ගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදුකර තිබේ.
ජූලි මස 03 වෙනිදායින් පසුව අංගොඩ ලොක්කා මෙරට කිසිවෙකු සමග දුරකතනය ඔස්සේ කතාබස් නොකල බව අනාවරණය කොට ගෙන ඇති පාතාල මර්ධන පරීක්ෂණ කණ්ඩායම් සැක පලකරන්නේ ඒ ආසන්න දිනක මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ අංගොඩ ලොක්කාගේ අවසන් කටයුතු සිදුවන ආකාරය මෙරට සිටින ඔහුගේ සහෝදරියක නරඹා ඇතැයිද පැවසේ