
ගූගල් විසින් ඇන්ඩ්‍රොයිඩ් හි ‘ක්‍රියාකාරකම් හඳුනාගැනීමේ API’ වෙතින් නව සේවාවක් දියත් කරයි. එය GOOGLE SLEEP නමින් හදුන්වන අතර එය නින්ද හඳුනාගැනීමේ ක්‍රියාවලිය කේන්ද්‍රගත කරනු ඇත.
ගූගල් සමාගමට අනුව, SLEEP API යනු “බැටරි කාර්යක්ෂමව තිබියදී නින්ද හඳුනාගැනීමේ ක්‍රියාවලිය කේන්ද්‍රගත කරන සරල API” වේ. එය ගූගල් හි ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාකාරකම් හඳුනාගැනීමේ API හි කොටසකි .එය උපාංගයේ ආලෝකය සහ චලන සංවේදක වලින් තිරය සහ උපාංග චලනය වැනි දත්ත වාර්තා කිර්‍රමට කෘතිම බුද්ධි (AI) භාවිතා කරයි.
එමෙන්ම අඩු බැටරි පරිභෝජනයකින් වඩාත් නිවැරදිව නින්ද ලුහුබැඳීමේ යෙදුම ක්‍රියා කරයි. පරිශීලකයා අවදි වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව, පුළුල් නින්ද ලුහුබැඳීමේ වාර්තාවක් ලෙස එය ඔබට දිස්වනු ඇත.
ඇන්ඩ්‍රොයිඩ් 10 හි ගූගල් ප්ලේ සර්විසස් හි නවතම අනුවාදය සමඟම දැන් GOOGLE SLEEP API සංවර්ධකයින්ට භාවිතා කළ හැකි බව වැඩිදුරටත් සදහන් වේ.

විශේෂ අවස්ථා
දත්ත රැස් කිරීම සඳහා GOOGLE SLEEP API දුරකථනයේ ආලෝකය සහ චලන සංවේදක භාවිතා කරයි.
Google Sleep API ඇන්ඩ්‍රොයිඩ් ස්ටෝර් (Android store) වෙතින් බාගත කළ හැකිය.