චීන කොන්සල් කාර්යාලයක් වසා දැමීමට ඇමරිකාවෙන් නියෝග

ඇමරිකාවේ හුස්ටන් නගරයේ පිහිටි චීන කොන්සල් කාර්යාලය පැය 72 ක් තුළ ඉවත් කරගන්නා ලෙස ඇමරිකාව නියෝග කර තිබෙනවා.චීනය පවසා සිටියේ මෙය දේශපාලනික උසිගැන්වීමක් බවයි.

තවද මෙම පියවර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ද වන්නේ යයි චීනය පවසනවා.ඇමරිකාවේ රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසූයේ ඇමරිකානු බුද්ධිමය දේපල ආරක්ෂා කිරීමට හා පුද්ගලික දත්ත පිටත ගෙන යාම වැළැක්වීමට මෙම පියවර ගත් බවයි.

මේ අතර, කොන්සල් කාර්යාලයේ වූ ලිපිගොනු එම කාර්යාල භූමියෙහි ගිනි තබන බවට වූ රාවයන් චීනය විසින් ප්‍රතික්ශේප කරනු ලැබුණා.ඇමරිකාව තුළ වොෂිංටන් හි චීන තානාපති කාර්යාලයට අමතරව නිව් යෝර්ක්, චිකාගෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලිස් හි කොන්සල් කාර්යාල තිබෙනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor