
ETI හා ස්වර්ණමහල් යන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයක යටත්ව වන්දි මුදල් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් මෙම සෙනසුරාදා (25වැනිදා) දින සිට මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතය. ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් යන මූල්‍ය ආයතනවල ව්‍යාපාර කටයුතු පසුගිය 13 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි මුදල් මණ්ඩලය විසින් තහනම් කරන ලදී. අනතුරුව එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි ගෙවීමට මහ බැංකුව තීරණය කළේය. ඒ අනුව එක් තැන්පත්කරුවකුට රුපියල් ලක්ෂ හය බැගින් මෙලෙස වන්දි ලබාදේ.