රජය වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් වාහන ප්‍රදර්ශනාගාර රැසක වාහන අවසන්….

මේ වනවිට රජය වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් රට තුළ වාහන ආනයනකරුවන් රැසකගේ ප්‍රදර්ශනාගාරවල කිසිදු වාහනයක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කර තිබේ.

මෙම ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියාවල නිරතවන අතර ඔවුන් වෙතින් යැපෙන පිරිස 350,000-400,000 අතර වන බවත් මෙම තහනම නිසා ඉදිරියේ දී ,වාහන ව්‍යාපාරයේ නිරත පිරිසට සියලුම සේවකයින් ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උදාවනු ඇති බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Recommended For You

About the Author: Jayani