PHI ලා හෙට ලෙඩ වෙයි

තමන්ට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (24 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.

එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාරයක් නොලැබුණෙහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 27 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ​ඊයේ (22 වැනිදා) පැවැති සාකච්ඡාවකදී දෙපාර්ශ්වයම මෙම ගැටලුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.

Recommended For You

About the Author: Editor