ලංකාවට ණය පහසුකම් දෙන්න දෙස් විදෙස් ආයතන 05ක් ඉදිරිපත්වේ

ශ්‍රී ලංකාවට විශේෂ ණය පහසුකම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට දේශීය සහ අන්තර්ජාතික බැංකු හා ආයෝජන ආයතන පහකින් ප්‍රතිචාර ලැබී ඇත.

කොවිඩ්-19 වසංගතය හමුවේ අර්බුදයට ලක්ව ඇති මෙරට විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සීයක් සම්පාදනය කර ගැනීමට මුදල් අමාත්‍යාංශය මෙලෙස ඉදිරිපත් කළ යෝජනාවලට මෙම ප්‍රතිචාර ලැබී තිබේ.

ඒ අනුව හොංකොං සහ ෂැංහයි බැංකුව, ඉන්දියානු රාජ්‍ය බැංකුව, කෙඩිට් සූයිස් ඒ.ජී. හි සිංගප්පූරු ශාඛාව, ලන්ඩනයේ කාර්මික හා වාණිජ බැංකුව සහ ශ්‍රී ලංකාවේ ඇක්ටීව් පාට්නර්ස් ලිමිටඩ් යන ආයතනවලින් මෙලෙස යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා 2020 ජුනි 17 වැනිදා සිට 2020 ජූලි 17 වැනිදා අතර කාලයේදී ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ලන්ඩනයේ අන්තර් බැංකු ආයතනයන්ට අනුකූලව ශ්‍රී ලංකාව ලබාගැනීමට නියමිත මෙම ණය මුදල වසරක් හෝ ඊට වැඩි කාලයකදී කල්පිරෙන ආකාරයෙන් ලබාගැනීමට යෝජිතය.

Recommended For You

About the Author: Editor