MCC නිසා ඉඩම් හෙක්ටයාර් මිලියන ගණනක් පෞද්ගලිකව පාලනය කල හැකියි – ඇමරිකාවම කියයි

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අතර ඇති කර ගැනීමට නියමිත ගිවිසුමින් ශ්‍රී ලංකාවේ ඉඩම් හෙක්ටයාර් මිලියන ගණනක් පෞද්ගලික පාලනයකට යටත් කළ හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීන චින්තන පර්ෂදයක් වන ‘ඕක්ලන්ඩ් ආයතනය’ ප්‍රකාශ කරයි.

රජයේ ඉඩම් සිතියම්ගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත භූමියෙන් සියයට හැට හතක ඉඩම් සිතියම්ගත කිරීමට නියමිත බවද එම ආයතනය පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින සුළුතර ජන වර්ග පලවා හැරීම, අවතැන්වීම් සහ ඉඩම් නොමැතිවීම් හේතුවෙන් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ස්ථිර බිම් අයිතියක් නොමැතිව අර්බුදයට ලක්ව සිටින බව එක්සත් ජනපද චින්තන පර්ෂදය සඳහන් කරයි. මෙම තත්ත්වය මත ඉඩම් වෙළෙඳපොළ විවෘත කිරීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙන්ම ඇමෙරිකාව වැනි පාර්ශ්වයන්ද ශ්‍රී ලංකාව දිරිමත් කරන බවද ඕක්ලන්ඩ් ආයතනය පෙන්වා දෙයි.

ඕක්ලන්ඩ් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ‘ඉඩම් බදුදීම හෝ විකිණීම’ වෙනුවෙන් ඉඩම්වල ‘වටිනාකම්වල අගුලු හැරීම’ මෙම ගිවිසුම හරහා සිදු කරන බවත්, ඒ සඳහා ඵලදායී ලෙස ඉඩම් භාවිතය’ යෙදුම් භාවිත කරන බවයි.

Recommended For You

About the Author: Editor