
නකල්ස් පරිසර සංරක්ෂණ කලාපයේ පිටවල පතන ප්‍රදේශයේ මේ වන විට වන සංරක්ෂණ නිලධාරීන්ගේ නේවාසිකාගාරයක් ඉදි වෙමින් පවතී. මෙම නේවාසිකාගාරය ඉදකිරීම සඳහා අධි සංවේදී මෙම නකල්ස් පරිසර සංරක්ෂණ කලාපයේ විශාල පරිසර හානියක් සිදු කෙරෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ඉදිකිරීම් සඳහා මේ වන විට නකල්ස් පරිසර සංරක්ෂණ කලාපයේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ විශාල දැව සංහාරයක් සිදුවන බව අපට නිරීක්ෂණය විය. මෙම පරිසර විනාශයට අමතරව පිටවල පතන ජල මාර්ගයට ගෝනමඩවත්ත ප්‍රදේශයේ කඩා බිඳ දැමූ ගල් කුට්ටි විශාල වශයෙන් දමා තිබෙනු දැකගත හැකිය.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයට මෙය ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණද මෙම සියලු වන විනාශයන් සිදු වන්නේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ බවයි.
මේ වන විට පිටවල පතන ප්‍රදේශයේ ඇති ජල ටැංකියට ජලය ලබා ගන්නේද පතන ඇල්ලේ උල්පතෙනි. එහෙත් මේ වන විට එහි ඇති විශාල ජල කාන්දුවක් නිසා වන සම්පත මෙන්ම ජල සම්පතද හිතා මතාම විනාශ කරන බවට ජනතාව චෝදනා කරති.