
ඇමරිකානු සම්බාධක හමුවේ නවීන අවි ආයුධ මිලදී ගැනීමට ඇති අපහසුවට එක් විසඳුමක් ලෙස ඉරානය ස්වදේශීයව ඇතැම් අවි නිපදවන්නේ කලක පටන්මයි.මේ වනවිට ඉරානය ස්වදේශීයව ප්‍රහාරක ජෙට් ගුවන් යානයක් (heavy fighter jet) නිපදවීමේ කටයුතුවල නියැලෙන බව එරට ගුවන් හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් හමිද් වහේදි පවසනවා.
තස්නිම් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ඉරාන ඉංජිනේරුවන් විසින් ස්වදේශීයව නිපදවන ලද සැහැල්ලු ප්‍රහාරක යානයක් වන් “කොස්වාර්” හි සාර්ථකත්වය මෙම නව ව්‍යාපෘතිය වෙත තමන් යොමු කළ වගයි. කොස්වාර් ගුවන් යානය පසුගිය මාසයේදී ඉරාන ගුවන් හමුදා සේවයට එකතු වුණා.ඉරානය කලක පටන් ස්වදේශීයව ප්‍රබල අවි නිපදවන වැඩසටහන් ක්‍රියාවට නගනවා.
2013 දී ඔවුන් Qaher 313 නම් “ස්ටෙල්ත්” (Stealth) ගුවන් යානය ද එළි දැක්වූවා. එය ඉන්පසු වැඩිදියුණු කෙරෙමින් පවතිනවා.දැනට ඉරානය සතුව ඇති ප්‍රහාරක යානා 2010 හෝ ඊට පෙර මිලට ගත් හෝ ලැබුණ හෝ ඒවායි. ඒ අතර සෝවියට් දෙව්ශය, චීනය, ප්‍රංශය යන රටවලින් මෙන්ම 1979 ඉරාන විප්ලවයට පෙර ඇමරිකාවෙන් ද ලැබුණ යානා වනවා. පැරණි යානා සමහරක් ඔවුන් විසින් වැඩිදියුණු කර ඇත්තේ අලුතින් ඒවාට අමතර කොටස් ලබාගැනීම හා අලුතින් යානා මිලදී ගැනීම කළ නොහැකි නිසයි.
දැනට ඉරානය සතුවරුසියාවෙන් ලද MiG-29 යානා 20ක් පමණද, Su-24 යානා 23 ක් ද, චීනයෙන් ලැබුණ Chengdu-7 යානා 17ක් පමණද, ඇමරිකන් යානා වන F-4 Phantom II යානා 50ක් පමණ, Northrop F-5 යානා 20ක්, Gruman F-14 යානා 24ක්, Mirage F-1 යානා 9ක් ආදිය වනවා. මේ ඇමරිකන් යානා බොහෝ සෙයින් ස්වදේශීයව වැඩිදියුණු කර තිබෙන අතර Chengdu-7 යනු MiG-21 යානයේ වැඩිදියුණු කිරීමක් බව ද සැලකිය යුතු වනවා.
