ශ්‍රී පාලි BYE

ජාත්‍යන්තර එක්දින තරඟ 89 දී සහ ජාත්‍යන්තර 20/202 තරඟ 58 දී ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩිකා ශ්‍රී පාලි වීරක්කොඩි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කෙරුවාය.එක්දින කඩුලු 58 ට සහ 20/20 කඩුලු 31 ට උරුමකම් කී ශ්‍රී පාලි ශ්‍රී ංකා එක්දින වරම් ලබා ඇත්තේ 2006 වර්ෂයේදී පකිස්තානයට එරෙහිවය.20/20 ජාත්‍යන්තර තරඟ වරම් දිනා ඇත්තේ ද පකිස්තානයට එරෙහිවය.ඒ 2009 වසරේදී ය.

ක්‍රීඩිකාවකව සිටියදී ම ඕස්ට්‍රේලියාවේ ශාරිරික යෝග්‍යතා ආයතනයෙන්,ශාරිරික යෝග්‍යතා පුහුණුකාරියක් සහ අචාරවරියක ලෙස සුදුසුකම් ලබා ගත් ශ්‍රී පාලි දැනටද ‘myrus yoga’ නමින් යෝගා ආයතනයක් පවත්වා ගෙන යනු ලබන්නේය. https://myrus.lk/ වෙබ් අඩවිය හරහා ශ්‍රී පාලි දායකත්වය දක්වන ‘myrus yoga’ තොරතුරු බා ගැනීමට හැකියාව ඇති අතර මේ දිනව සිය උපදේශනය අන්තර්ජාලය හරහා ද බෙදා හරිමින් සිටින්නේය.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට 34 වැනි වියේ පසුවන ශ්‍රීපාලි තමන්ගේ 16 වසරක ක්‍රිකට් ජීවිතයට සමු දෙන්නට සිදුවීම දුකක් වුව නිසි වේලාව මෙය බව විශ්වාස කරන බවත්,විශ්‍රාමයෙන් අනතුරුව සිය අධ්‍යාපන තටයුතු තව දුරටත් විධිමත් කර ගැනීමට වෙහෙස වන බවත් පැවසුවාය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor