අපි හිටියේ ‘X’ ජනපතිවරණයට ගෙනෙන්න- වජිර

‘‘හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට තිබූ බලතලවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැහැ. දෙන්නා අයියා මල්ලි නිසා පොඩි සමාගමක් වගේ ආණ්ඩුව දුවනවා. ඉදිරි මැතිවරණ ප්‍රතිඵලය කෙසේ වුවත් වසරක් යන්නට පෙර අපි නැවත එජාප රජයක් බිහිකරනවා’’ යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප අපේක්ෂක හිටපු ඇමැති වජිර අබේවර්ධන පවසයි. ඒ මහතා එසේ පැවැසුවේ පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

‘‘පැරදුණාම ආණ්ඩු හදන පක්ෂය මොකක්ද? ඒ තමයි එජාපය. රනිල් වික්‍රමසිංහ මහත්මයා 19 වැනි සංශෝධනය යටතේ ජාතික ආණ්ඩුව කියන වචනය දාලා ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඒකයි මේ ආණ්ඩුව මේ ව්‍යවස්ථාව මාරු කරන්න තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ. ජනපති බලතල ගාණට ගලවලා තියෙන්නේ. රනිල් කියන්නේ ප්ලාස්ටරයක් වගේ.අරලියගහ මන්දිරයේ වාඩි වුණා හෙල්ලුණේ නැහැ. ආණ්ඩුව තියෙද්දී, ත්‍රිවිධ හමුදාව තියෙද්දී අපි ඇතුළට වෙලා හිටියා. එහෙමයි රනිල් කියන නායකයා වැඩ කරන්නේ.

අපි හිටියේ හැමෝම එකතු කරල ‘එක්ස්’ කියන පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න. එතැනදි ජවිපෙ, චන්ද්‍රිකා, සිවිල් සංවිධාන සියලුදෙනා එකතු කරලා මේක හදන්න තමයි හිටියේ. එතකොට තමයි අපේ පක්ෂයේ කෙනෙක් තුංමන් හන්දියට පැනලා මමයි ජනාධිපති අපේක්ෂක කියලා කීවේ. සිවිල් සංවිධාන ගියා. ජවිපෙ ගියා. ඒත් මම අතහැරියේ නෑ. කොහොම හරි ගාල්ල දිනවලා දුන්නා.

එජාපයේ පාට කොළ පාට. වෙනත් අයත් කොළ පාට ගන්න හදනවා. මොනව වුණත් ඔය කැඩිච්ච පක්ෂ කෑලි වැඩක් නෑ. අද ආණ්ඩුවට ප්‍රබල අභියෝග එජාපය. රටට වැඩක් කරන්න පුළුවන් ගමට වැඩක් කරන්න පුළුවන් එජාපය බලයට පත් කරයි කියලා අපි’’ බලාපොරොත්තු වෙනවා.

උදය ප්‍රභාත් පතිරණ

Recommended For You

About the Author: Editor