
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක් වෙත එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට ඊජිප්තු හමුදා සමත් වුණා.එහිදී ත්‍රස්තවාදීන් 18 දෙනකු හා හමුදා සෙබළුන් දෙදෙනකු මියගිය බව ඊජිප්තු යුධ හමුදාව පවසනවා.
තවත් සෙබළුන් සිව් දෙනකු තුවාල ලබා තිබෙනවා.වාහන හතරක් ද යොදාගනිමින් එල්ල කළ ප්‍රහාරය මැඩ පැවැත්වූ හමුදාව අසළ වූ ගොවිපලක හා අතහරින ලද නිවෙස් කිහිපයක සැඟවුණු ත්‍රස්තයින්ට පහර දී තිබෙනවා.
සිනායි අර්ධද්වීපයේ කලක පටන් ISIS ත්‍රස්තවාදීන්ට සහය දක්වන ත්‍රස්තවාදීන් ක්‍රියාත්මකයි. එම ප්‍රදේශයේ සූෆි ඉස්ලාම් පල්ලියකට 2017 දී එල්ල වූ ප්‍රහාරය, ISIS සංවිධානය විසින් ලෝකයේ ඕනෑම තනි ත්‍රස්ත ප්‍රහාරයකදී වැඩිම ජීවිත බිලිගත් අවස්ථාව ලෙස සැලකෙනවා.
