
බංගලාදේශ ක්‍රකට් පාළක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිශාමුදීන් චෞද්රි මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයක් බව අදහස් දක්වා ඇතත්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනයට ලක්ව තිබෙන නිසා තම ආයතනය එයට සූදානම් නමුත් බංගලාදේශය එය නිවැරදිව තහවුරු නොකර ඇති බවයි.වෙලාවකට ලැහැස්තියි කිව්වට තවත් වෙලාවකට කියන්නෙ වෙන දෙයක් යනුවෙන් මෙහිදී මොහාන්ද සිල්වා මාධ්‍ය විසින් කරන ලද විමසීමකදී බංගලාදේශයේ අස්ථාවරත්වය පැහැදිළි කර ඇත.
නිශාමුදීන් පමණක් නොව බංගලාදේශ ක්‍රිකට් හී දක්ෂතා ඉහළ නැංවීමේ කාර්ය සාධන වැඩ සටහනේ සභාපති නයිමුර් රහමාන්ද පවසා ඇත්තේ සිය වැඩ සටහනට අනුබද්ධ ක්‍රීඩකයන්ද ශ්‍රී ලංකාවේ සංචාරයක් අපේක්ෂාවෙන් සිටින බවය.බංගලාදේශ ක්‍රිකට් ප්‍රධානීන්ගේ අදහසට අනුව ක්‍රික්ඉන්ෆෝ පෙන්වා දෙන්නේ ටෙස්ට් තරඟ තුනකින් යුතු සංචාරය ඔක්තොම්බර් මාසයේදී සිදුවීමට හැකි බවය.
