මැතිවරණය ගැන සාකච්ඡාවකට දිස්ත්‍රික් නිලධාරින් ඉරිදා කොමිසමට කැඳවයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ලබන 26 වන දින අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය.

එහිදි තැපැල් ජන්දය සලකුණු කිරිමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර , අවශ්‍ය නම් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයන් ලබා දිමට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය සේවකයින් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සහභාගි විම අනිවාර්යය බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor