අසරණ වූ බ්‍රසීල ඔලිම්පික් බලාපොරොත්තුවලට පෘතුගාලයෙන් සහනයක්

දකුණු ඇමෙරිකාවේ ක්‍රීඩාවට කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මුහුණ පාන්නට සිදු වී ඇති තත්ත්වය පිළිබඳ කරුනු පැහැදිළි කළ දකුණු ඇමරිකානු සම්මේලනයේ සභාපති කොන්සියුඩ්ඇටෙල් හි සභාපති හීලියෝ මැරින්හෝ ගෙස්ටා ඩි මෙලෝ පැවසුවේ ඉදිරි මාස කිහිපය සඳහා පෘතුගාලයේ පුහුණු කඳවුරකට ක්‍රීඩා 16 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් පමණ (මලල ක්‍රීඩා 28 ක්) යැවීමට බ්‍රසීලයේ ඔලිම්පික් කමිටුව අවසර ලබා ඇති බවය. රියෝ මයර් ක්‍රීඩා සංකීර්ණයේ සිටින වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සතිය මුලදී පැමිණීම ආරම්භ කළ බවත් මලල ක්‍රීඩා කණ්ඩායම අගෝස්තු මස මුලදී බ්‍රසීලයෙන් පිටත්ව යනු ඇති බවත් මෙලෝ තහවුරු කළේය.

එහිදී මෙලෝ පෙන්වා දෙන්නේ ,සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත්ව යාමට පෙර කොවිඩ් -19 සඳහා පරීක්‍ෂාවට ලක් කරන බවත් නැවත ලිස්බන් නුවරට පැමිණි පසු පුහුණුව ආරම්භ කිරීමට පෙර පැය 48 ක් නිරෝධායනයේ රැඳී සිටිය යුතු බවත්ය. මෙම ග්‍රීෂ්ම සෘතුවේදී අනෙකුත් යුරෝපීය සංගමයේ රටවල ද තරඟ කිරීමට ඉඩ දෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරන බව ද මෙහිදී ධනාත්මක විශ්වාසයක් සහිතව මෙලෝ පැවසීය.

මෙහිදී  දකුණු ඇමෙරිකානු රටවල් මුහුණ පෑ තත්ත්වය වෙනස් වී ඇති බව පෙන්වා දුන් මෙලෝ,යුරෝපීය, උතුරු ඇමරිකානු සහ සමහර ආසියානු සහ අප්‍රිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ප්‍රධාන ගිම්හාන සමයට පෙර සිරවී සිටිය ද,දකුණු ඇමරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ප්‍රධාන තරඟ සමය තුළදී මෙම අගුලු ලෑමට මුහුණ පෑ බව පැවසීය.

මෙහිදී මෙලෝ විසින් දකුණු ඇමෙරිකානු මහද්වීපය කොවිඩ් 19 වසංගතය හමුවේ අසරණ වී තිබෙන ප්‍රමානය පැහැදිළි කරමින් දකුණු ඇමරිකාව එහි මාරාන්තික කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ බව පෙන්වා දුන්නේය. බ්‍රසීලයට විශේෂයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර, කෝවිඩ් -19 රෝගීන් මිලියන 2 කට වඩා වාර්තා වී ඇති අතර, මරණ 80,000 කට වඩා තිබේ. පේරු සහ චිලී යන රටවල රෝගීන් 700,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ 20,000 කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද ඔහු පැවසීය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor