මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්

රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම ප්‍රදේශයේ පහසුකම් වැඩිදියුණු කර දේශීය විදේශීය ජනතාවට අවශ්‍ය රෙදිපිළි ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල දී ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරිම හරහා ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමට අදහස් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊයේ තලවතුගොඩ ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින් මෙසේ පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි වසර පහ තුළ රටපුරාම එවැනි සැළසුම් සහගත ආකාරයක වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම් කර ඇති බවයි.

Recommended For You

About the Author: Editor