CTB එක බරපතල මුල්‍ය අවදානමක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසයි. මගී ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතය අවම වීම හමුවේ මෙම අවදානම මතුව ඇති බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතියෙන් පසු මේ වනවිට මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 20 කින් පමණ පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, ඇඳිරි නීතිය පැනවීමට පෙර සාමාන්‍ය දිනක මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 75 ත් 85 ත් අතර අගයක පැවති බවයි.

ඔහු පැවසුවේ පවතින තත්ත්වය තුළ ඉදිරියේදී සේවක වැටුප් ගෙවීම, බස් රථ නඩත්තු කිරිම වැනි කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

Recommended For You

About the Author: Editor