
චිලී රාජ්‍යයේ දක්ෂිනාංශික ජනාධිපති සෙබස්තියන් පිනේරාගේ ජනප්‍රියත්වය අඩියටම කඩා වැටී තිබෙනවා.කොරෝනා වසංගතයට චිලී රාජ්‍යය මුහුණ දුන් ආකාරය පිළිබඳ වූ විවේචන හා රටේ ජීවන වියදම් ඉහළ යාම මීට මූලික හේතුවයි.
පසුගිය වසරේ ඔක්තෝබරයේ දුම් රිය ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ඇරඹි උද්ඝෝෂණ පසුව රටපුරා පැතිර ගියා. කොරෝනා වසංගතයෙන් රටේ ආර්ථික තත්ත්වය පහළ යාමත් සමග තත්ත්වය තවත් අයහපත් අතට හැරී තිබෙනවා. මේ අතර ඔහුගේ දක්ෂිනාංශික සන්ධානය තුළ ද මතගැටුම් වර්ධනය වීම පිනේරාට අයහපත් ලෙස බලපා තිබෙනවා.
පසුගිය දිනෙක කරන ලද ජනමත සමීක්ෂණයක් අනුව පිනේරාගේ ජනප්‍රියත්වය සියයට 6ක් තරම් අඩු අගයක් ගෙන ඇතැයි වාර්තා වුණා. එමෙන්ම කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීම පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්ති අසාර්ථක බව සියයට 81 ක් දෙනා ප්‍රකාශ කර තිබුණා.මෙම පසුබිමෙහි පිනේරා සිය ධුර කාලය අවසන් වනතෙක් තරම්වත් එහි රැඳී සිටීමට සමත් නොවනු ඇතැයි ද සැක මතු වනවා. පිනේරාගේ සිව් වසරක ධුර කාලය ඇරඹුණේ 2018 මාර්තුවේදීයි.
