
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට හෙට මධ්‍යහ්න 12 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ අඹතලේ සිට කෝට්ටේ ජුබිලි ජල තටාකය දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන්.
ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල, රාජගිරිය, කොළඹ 5,7,8 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.
එමෙන්ම කොළඹ 4,6 සහ මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.