කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 50 ක් …

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 307 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වේ.

ඉන් ආසාදිතයින් 25 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් බවත් ඉතිරි ආසාදිතයින් පිරිස දේශීයව හදුනා ගැනුණු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේ හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 50 ක් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,907ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී අසාදිතයින් 84,647 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර ආසාදිතයින් 2,732 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ දිනය තුළ 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියයාමත් සමග කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 527 ක් දක්වා ඉහළ යයි.

Recommended For You

About the Author: Jayani