ක්වන්ටාස් ගුවන් සේවය බෝයිං 747 ට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් ගුවන් සේවය සිය අවසන් බෝයිං 747 යානයට අද සමු දුන්නා.කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන් ගමන් සීමා වී ඇති පසුබිමෙහි ක්වන්ටාස් ආයතනය මෙම පියවර ගත්තා.

මීට පෙර බ්‍රිතාන්‍ය ගුවන් සේවය වන බ්‍රිටිෂ් එයාර්වේස් විසින් ද තම බෝයිං 747 යානා සේවයෙන් ඉවත් කළා.ක්වන්ටාස් ගුවන් සේවයෙහි බෝයිං 747 ගුවන් යානා මගීන් මිලියන 250ක් විවිධ ගුවන්ගමන් වාරවලදී ගෙනගොස් තිබෙනවා.

ඒ අතර දෙවන එලිසබත් රැජිණ පවා සිටිනවා. එමෙන්ම 1984 සිට සියළු ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායම් ගමන්ගෙන ඇත්තේ ද ක්වන්ටාස් බෝයිං 747 යානාවලයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor