ස්පුත්නික්-V වෙත අනුමැතිය දෙන්නැයි ඔස්ට්‍රියා චාන්සලර් කියයි

යුරෝපා ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ ස්පුත්නික්-V එන්නතට කඩිනමින් අනුමැතිය ලබාදිය යුතු බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කුර්ට්ස් නොබෝදා පවසා සිටියා.

යුරෝපයේ කෝවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ පවතින විවේචන හේතුවෙන් මෙම ඉල්ලීම කරන ලදැයි විශ්වාස කෙරෙනවා.

මීට පෙරද ඔහු කියා සිටියේ යුරෝපා ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත අනුමත කරයි නම් තමන් එය ලබාගැනීමට සූදානම් බවයි.

මේ වනවිට ද යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් එම එන්නත පිළිබඳ උනන්දුව පළකර තිබෙනවා.

Recommended For You

About the Author: Chamara