
තුනෙන් දෙකේ බලය ලැබුනත් නැතත් මෙරටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව සහමුලින්ම විනාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.
මේ අතර තම පක්ෂය යටතේ තරග වදිනු ලබන අපේක්ෂිකාවක් සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදුකර සිටියේය.
” අපේ අපේක්ෂිකාවක් නාලා මට එවනවා වීඩියෝවක්. ඒකෙ එයා කියනවා අපේ සමහර අපේක්ෂකයෝ අස්සයෝ බූරුවෝ ඉන්නේ කියලා. මගෙන් ඇහුවා මේ හොදයිද සර් කියලා.මම ඒ වීඩියෝවට පිළිතුරක් ලියලා යැව්වා. අපේ පක්ෂයේ අස්සයෝ බූරුවෝ නැති උනත් නාම යෝජනා මණ්ඩලයේ බුරුවෙක් ඉදලා ඔයාට අපේක්ෂකත්වය දීලා තියෙන්නේ කියලා” බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය.