
රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කිරීම හා කාර්යක්ෂම කිරිමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරිමට කමිටුවක් පත් කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන මෙම කමිටුවට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පත් කෙරෙනු ඇති.
කොළඹ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මූලික අරමුණුවලින් බැහැරව හා අදාළ පනත්වල විධි විධාන උල්ලංඝනය කරමින් පසුගිය කාලයේ රාජ්‍ය බැංකු හා ඊට අනුබද්ධ ආයතන ක්‍රියා කර ඇති බවට විවිධ පැමිණිලි ලැබුණු බවයි.