විමල්ගේ රුව සහිත මුද්දර ප්‍රචාරණය ගැන CIDයට පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මුහුණ යොදාගනිමින් මුද්දරයක් ලෙස සකසා ලිපි තැපැල් කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (23) පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සමගි ජනබලවේගය වෙනුවෙන් හිටපු මන්ත්‍රීන් වන මුජිබුර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන හිටපු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල ඊයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකරනු ලැබුවා.

පැමිණිල්ල භාර දෙමින් ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය සේවය පිණිසයි මුද්‍රාව යොදා ගනිමින් මුද්දරයක් ලෙස මුහුණ ද භාවිත කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා රාජ්‍ය දේපොළ අවභාවිත කර ඇති බවයි.

Recommended For You

About the Author: Editor