වෙලේ සුදාගේ ආරක්ෂාව තර කරයි

මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාව­ර­ම්ක­රු­වකු වන දැනට මර­ණීය දණ්ඩ­නය නිය­මව බුස්ස කඳ­වුරේ රඳවා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට දැඩි ආර­ක්ෂා­වක් සලසා ­දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙණෙ­විය ඊයේ (23) බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට ලිඛි­තව දැනුම් දුන්නා.

මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් හමුවේ විභාග වන නඩු­ව­කට අදා­ළව මෝස­මක් ගොනු­ක­ර­මින් ඔහුගේ නීති­ඥ­ව­රයා කළ ඉල්ලීම සලකා මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය කල අතර සැක­කරු වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ අනුර මද්ද­ගොඩ මහතා මෝස­මක් ගොනු­ක­ර­මින් සඳ­හන් කරනු ලැබුවේ තම සේවා දාය­කයා බුස්ස කඳ­වුරේ රඳවා සිටින බවත් දැනට උද්ග­තව ඇති තත්වය හමුවේ ඔහුගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­කර ලිඛිත දැනුම් දීමක් බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට කරන ලෙසටයි.

Recommended For You

About the Author: Editor