චීනය අඟහරු තරණය කිරීමේ පළමු පියවර තබයි

චීනය අඟහරු ග්‍රහයා වෙත යවන සිය පළමු යානය වන ටියන්වෙන්-1 යානය අද අභ්‍යවකාශය වෙත පිටත් කර හැරියා.Long March-5 රොකට්ටුවක් මගින් මෙම යානය පිටත් කෙරුණේ හයිනාන් දූපතේ වෙන්චෑංග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

මෙම යානය අඟහරු ලොව වටා කක්ෂගත වී රෝවරයක් එය වෙත ගොඩබැස්සවීමට නියමිතයි.මෙම අභ්‍යාවකාශ මෙහෙයුම පෘතුවියෙන් පිටත ග්‍රහලොවක් කරා යන පළමු චීන මෙහෙයුමයි.ටියන්වෙන් යන වචනයෙහි චීන තේරුම දෙව්ලොව වෙත ප්‍රශ්න යන්නයි.

ඓතිහාසික චීනයේ විශිෂ්ටතම කවියකු වූ කූ යුවාන් (ක්‍රි.පූ. 340-278) විසින් ලියූ කවියකින් මෙය උපුටාගෙන තිබෙනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor