
මා විශ්රාමික රාජ්‍ය සේවකයෙකි. මා රාජ්‍ය සේවාව දකින්නේ කෙසේද ?17 වන සංශෝධනය හරහා නිවැරදි කළේ කුමක්ද?ජයවර්ධන රජය විධායක ජනපතිධුරය හදුන්වා දුන් පසුව රාජ්‍ය සේවාව මුළුමනින්ම දිනෙන් දින කඩාවැටීමට ලක්වෙමින් පැවතුනි.
ඒවා දශක දෙකකට අධික කාලයක් සාකච්ඡාවට ලක්වී තිබුණි. ඉන් පසුව සියල්ල නිවැරදි කිරීමේ අවශ්‍යතාවය හදුනාගනිමින් ඒ සදහා හදුන්වා දුන් ව්‍යවස්ථාමය සංශෝධනයකි 17 වන සංශෝධනය.රාජ්‍ය සේවාව දේශපාලනීකරණයකට ලක්වීම තුලින් සිදුවූ හානිය කුමක්ද? අපක්ෂපාතී බව හා ස්වාධීන රාජ්‍ය සේවයක් නොමැති නිසා සමස්ත රාජ්‍ය සේවාවට, රටවැසියාට හා රටට සිදුවූ විනාශය මිළ කළ නොහැකිය.සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම රටේ දේශපාලන බලධාරීන්ගේ අතකොලුවක් බවට පත්ව වීය.
එබැවින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා එම කොමිෂන් සභා හරහා රාජ්‍ය සේවාව දේශපාලකයන්ගේ ග්රහනයෙන් මුදවා ගැනීම මුඛ්‍ය පරමාර්ථය වී තිබුණි.රාජ්‍ය සේවාව හා එහි බලතල අත්තනෝමතිකව හා හිතුවක්කාර ආකාරයෙන් ක්රියාවට නැංවීම වළකාලමින් රාජ්‍ය සේවාව ඉහළටම ඔසවා තැබීම තවත් පරමාර්ථයකි.මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් වර්තමානයේ එල්ලවී ඇති චෝදනා රාශියකි. ඒවා වෙන් වෙන් වශයෙන් සාකච්ඡාවට ලක්කිරීම මගේ පරමාර්ථය නොවේ.
ඕෂල හේරත් මහතා එම ඌනතාවයන් සියල්ල සාක්ෂි සහිතව සමාජ ගත කරනු ලැබ ඇත. එමෙන්ම පක්ෂ පාට ආදී හැගීම් වලින් තොරව නිදහස් හා ස්වාධීන රටවැසියකු වශයෙන් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාද හඩපට හරහා කුණු ගද හමන රාජ්‍ය සේවාවේ යථාර්ථය රටටම හෙළි කිිිිිිිරීමද අගය කළ යුතුවේ .
නමුත් සිදුව ඇත්තේ කුමක්ද? ඒ සියල්ල නොසලකා හැර යටපත් කරනු ලැබ ඇත. දේශපාලකයන් දේශපාලනය මිස රාජ්‍ය පාලනය මුළුමනින්ම නොසලකා හැරීම රටට සිදු කරන බලවත් හානියකි.මා දකින්නේ කොමිෂන් සභා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාල නීති, රීති හා රෙගුලාසි තවමත් පිළියෙල කර නොමැතිවිම අභාග්‍යයකි. කොමිෂන් සභා වල කාර්ය භාරය කාර්යක්ෂම ලෙස ඉටු නොවන බව හේරත් මහතා සාක්ෂි සහිතව එම හඩ පට හරහා ඔප්පු කරනු ලැබ ඇත.එසේම මැතිවරණ කොමිෂන් සභාව තම කාර්ය භාරය ඉක්මවා ගොස් රවි කරුණානායක හා රිෂාඩ් බදූර්දීන් සම්බන්ධ අපරාධ විමර්ශන අංශය මගින් අරඹා ඇති පරීක්ෂණ අත්හිටුවීම සදහා ලබාදුන් නියෝගය අධිකරණය මගින් අවලංගු කිරීම රට වැසියන් වන අපට ඉමහත් සතුටකි.
රවි කරුණානායක හා රිෂාඩ් බදූර්දීන් සම්බන්ධයෙන් ඇත්තටම මැතිවරණ කොමිෂන් කළ යුතුව තිබුනේ කුමක්ද?ස්වාධීන කොමිෂන් සභාවක වගකීම රවි කරුණානායකගේ හා රිෂාඩ් බදූර්දීන්ගේ නාම යෝජනා අවලංගු කිරීමයි. එයට හේතුව මෙම අපේක්ෂකයින් දෙදෙනාම සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු අනුව සාධාරණ සැකයකින් තොරව ඔවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා ලබා දිය යුතු නොවන පුද්ගලයන් වන බැවිනි.
දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහයට පවා පටහැනි අකාරයෙන් කටයුතු කරනු ලැබ ඇති හෙයිනි.මුහුණු පොතේ ඕෂල හේරත් මහතා දැඩි සේ විවේචනයට ලක් කොට තිබූ බව දුටුවෙමි. නමුත් ජාකික මැතිවරණ කොමිෂන් සභාවේ ක්රියා කලාපය සාක්ෂි සහිතව හෙළි කිරීම මා හදවතින්ම අගය කරමි.
එබැවින් කොමිෂන් සභා තවදුරටත් ශක්තිමත් කිරීම හා ස්වාධීන කිරීම සදහා කටයුතු යෙදීම ජනපතිවරයාගේ හා නව පාර්ලිමේන්තුවේ ප්රමුඛතාවය ලබාදිය යුතු අවශ්‍යතාවයකි.එවැනි කරුණු නිසි අධ්‍යයනයකට ලක් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවේ.

ලැසිල් ද සිල්වා