
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ද ඇතුළුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සමඟ පිරිසක් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ මාගල්කන්දේ සුදත්ත හිමි සුරාබදු දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවට චෝදනා කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂණ සම්බන්ධයෙන් මීට පෙර ද කතා කර තිබෙන බව පැවසූ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ ඒවා සම්බන්ධයෙන් තොරුතුරු ලබා ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමට එම දෙපාර්තමේන්තුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බව ය.
විෂ මත්පැන් සඳහා අවශ්‍යය කෘතිම රා නිෂ්පාදනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ බවට චෝදනා කරන සුදත්ත හිමියන් පැවසුවේ මේ හරහා රටට වසරකට බිලියන 50 ක පාඩුවක් සිදු වන බවය.මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කළ මාගල්කන්දේ සුදත්ත හිමියන් පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් මත්ද්‍රව්‍ය සහ වෙනත් නීති විරෝධි කටයුතු සම්බන්ධයෙන් අත් අජංගුවට පත් වූ ආකාරයද සිහිපත් කළේය.
