නීතිය අස­මාන වූ රටක උරු­ම­යන් සුරැකීම අසී­රුයි – ස්වාධීන අපේ­ක්ෂක වෛද්‍ය පැතුම් කර්නර්

බලය ඇති පුද්ග­ල­යාට හා බලය නැති පුද්ග­ල­යාට නීතිය වෙනස් ආකා­ර­ය­කට ක්‍රියා­ත්මක වන රටක සංස්කෘ­තික උරු­ම­යන් හා පුරා­වස්තු ආරක්ෂා කළ නොහැකි බව ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩා­යම් අපේ­ක්ෂක වෛද්‍ය පැතුම් කර්නර් පැව­සු­වේය.

අපේ උරු­ම­යන් අනා­ගත පර­පුර වෙනු­වෙන් ආරක්ෂා කර දීමට පාලක පන්තිය හා දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කළ යුතු බවත් ප්‍රකාශ කළේය. පසු­ගි­යදා කැල­ණිය ප්‍රදේ­ශයේ පැවැති ජන හමු­ව­කට සහ­භාගී වෙමින් මේ බව සඳ­හන් කළ ඒ මහතා වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් මෙසේද කීවේය.

“කුරු­ණෑ­ගල කඩලා දාපු රජ මාලිගාව ගැන සමා­ජයේ ලොකු ආන්දෝ­ල­න­යක් ඇති වෙලා තියෙන්නේ වෙන කිසි­වක් නිසා නොවෙයි ඡන්ද­යක් අත ළඟ තිබෙන නිසායි. මේ පුරා­වස්තු කඩා දාපු අය වගේම, පුරා­වස්තු කඩා දැමීම ගැන කතා කරන අයත් ඡන්දය ගැන බලා­ගෙන කට­යුතු කර­නවා මිසක් පුරා­වස්තු, අපේ උරු­ම­යන් ආරක්ෂා කරන්න ඕනෑ කියා සැබෑ උව­ම­නා­වෙන් කට­යුතු කරන අය නොවෙයි.

“දැන් මේ වෙලාවේ ඡන්ද­යක් නැති­නම් අපේ උරු­ම­යන් විනාශ කරලා තියෙ­න­වාද නැද්ද යන්න ගැන කවු­රු­වත් කතා කරන්නේ නෑ. ඒක සම­හර විට මාධ්‍ය­යේත් පුංචි ප්‍රවෘ­ත්ති­ය­කට සීමා වෙන්න තිබුණු දෙයක්. මේ ඡන්ද වෙලාවේ දේශ­පා­ල­නික වශ­යෙන් ජන­තාව මේ ගැන සංවේදී කරන්න පුලු­වන් නිසා තමයි මේ ගැන අව­ධා­නය යොමු කරන්නේ. දැන් නැඟෙ­න­හිර පළාත දිහා බලන්න. නැඟෙ­න­හිර පළාතේ අපේ උරු­ම­යන් තවම සැඟ­විලා තිබෙ­නවා. ඒවා විනාශ වෙන්න ඇරලා බලා­ගෙන ඉන්නවා. ඒවා ආරක්ෂා කරන්න කට­යුතු කරන බවක් අපට පේන්න නෑ. කුරූ­ණෑ­ගල රාජ සභා ගොඩ­නැ­ඟිල්ල කඩා දැමීම තරම් උන­න්දු­වක්, අව­ධා­න­යක් අවු­රුදු ගාණක් තිස්සේ නැඟෙ­න­හිර පළාතේ නට­ඹුන් විනා­ශය ගැන යොමු වුණේ නෑ. දේශ­පා­ල­න­ඥයෝ විත­රක් නෙමෙයි මාධ්‍ය­යත් ඒවා සිදු නොවුණු ගානට බලා­ගෙන ඉන්නවා.

“දශක ගණ­නා­වක් තිස්සේ පැවැති තට්ටු­මාරු දේශ­පා­ල­න­යට උව­මනා ආකා­ර­යට අපේ උරු­ම­යන් විනාශ වෙන්න ඉඩ හැරියේ ඒ හරහා තමන්ගේ දේශ­පා­ලන උව­ම­නා­වන් ඉටු කර ගැනී­මට මේ හරහා මුදල් ලබා ගැනීමේ මාර්ග විවෘත කර­ගෙන තිබුණු නිසායි. එක ආණ්ඩු­වක් අපේ පුරා­වස්තු, ‌ඓතිහා­සික උරු­ම­යන් විනාශ වීමට ඉඩ දී බලා­ගෙන සිටින විට අනෙක් ආණ්ඩුව සැල­සුම් කරලා මේවා විනාශ කළා. මේ ආකා­ර­යට පුරා­වස්තු විනාශ කරන අය සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරී­මට තරම් අපේ රටේ නීතිය තද නෑ. අපේ රටේ නීතිය ඒ තරම් දුර්වල වෙලා තියෙන්නේ. නීතිය වල් වැදිලා තියෙ­නවා. පාල­ක­යාට එක නීති­ය­කුත්, සාමාන්‍ය ජන­තා­වට තවත් නීති­ය­කුත් ක්‍රියා­ත්මක වෙන නිසා තමයි මේ ආකා­ර­යට දේශ­පා­ලන බලය තිබෙන අයට අවශ්‍ය ආකා­ර­යට පුරා­වස්තු විනාශ කිරී­මට හැකි­යාව ලැබී තිබෙන්නේ.

“නීතිය අස­මාන වූ රටක අපේ උරු­ම­යන් ආරක්ෂා කර ගැනී­මට නොහැ­කියි. මේ නිසා අනා­ග­ත­යේදී පාලක පංතිය වෙනස් කරන්න පුළු­වන් නම්, දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කරන්න පුළු­වන් නම් අනා­ගත පර­පුර වෙනු­වෙන් අපේ උරු­ම­යන් ආරක්ෂා කර දිය හැකියි. ඒ වෙනු­වෙන් අපි දේශ­පා­ලන, සමාජ නාය­ක­ත්වය ලබා දෙනවා.”

Recommended For You

About the Author: Editor