
සමඟි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ජයලත් දිසානායක මහතා සිදුකළ බව කියන පහරදීමකින් තුවාල ලත් හිටපු ඇමැති සී.බී රත්නායක මහතාගේ ආධාරකරුවකු හඟුරන්කෙත රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුජිත් අත්තනායක නැමැති අයෙකි.
මේ පහරදීම පෙරේදා (22) පස්වරු 3.00ට පමණ සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
හඟුරන්කෙත පොලීසිය විසින් ඊයේ (23) ජයලත් දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.