
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් හි පැවැත්වීමට නියමිතව තිබුණු රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේ ප්‍රධාන අංග සියල්ල අත් හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑමයි.සම්මේලනයේ නිලධාරී මට්ටමේ රැස්වීම් කටයුතු පුරුදු පරිදි උතුරු කැරොලිනාවේ දී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.මෙම සම්මේලනයේදී ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ව තහවුරු කිරීමට නියමිත වුණා.
සම්මේලනයේ තමන් සිදුකිරීමට නියමිත වූ කතාව වෙනුවට අන්තර්ජාලය ඔස්සේ කතාවක් පැවැත්වීමේ ඉඩකඩ පිළිබඳව ට්‍රම්ප් ඇඟවීමක් කර තිබෙනවා.
