ලලිත්ගෙන් 60 + වැඩක්

හිටපු ජාතික මේස පන්දු සූරයෙක්,පුහුණුකරුවෙක් මෙන්ම මේස පන්දු සම්මේලනයේ සභාපතිවරයෙක්ද වන ලලිත් ප්‍රියන්ත විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මේස පන්දු වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවේ.මේස පන්දු ක්‍රීඩා කර ඇති මෙන්ම ක්‍රීඩා නොකළද ඊට ආදරය කරන පිරිස් සඳහා සිය ශාරිරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම සඳහා මේ අවස්ථාව විවෘත කිරිමට බලාපොරොත්තු වන බව ලලිත් පෙන්වා දෙයි.

“මේ වගෙ වැඩකට සම්බන්ධ වෙන්න පුළුවන් යම් ආර්ථික පදනමක් තියෙන නිදහස් ජීවිතයක් ගත කරන්න පදනමක් තියෙන කෙනෙක්ට විතරයි.ව්‍යාපාරිකයන් මෙන්ම ඉහළ වෘත්තිකයන් තමයි එතැනදි වැඩි පුරම මේ ඉඩ පුරවන්න නියමිත.” අප විසින් කරන ලද විමසීමට පිළිතුරු දෙමින් ලලිත් ප්‍රියන්ත තව දුරටත් පෙන්වා දුන්නේ එවැනි ප්‍රජාවකගෙන් බොහෝ විට අනාගත මේස පන්දු ක්‍රීඩාවට ද පලදායි යමක් ලබා ගැනීමට හැකි බවය.

අනාගතයට පලදායි යන්න පිළිබඳව කරුණු පැහැදිළි කළ ලලිත් පෙන්වා දුන්නේ,බොහෝ විට තරුණ දක්ෂ ක්‍රීඩකයන්ට මේ 60+ ප්‍රජාව අතරින් යම් අනුග්‍රහයන් ලබා දීමට හැකි වනු ඇති බවය.ඒ නිසා 60+ ප්ලස් වැඩ සටහන දෙපිරිසකට සෙත සඳන ටූ ඉන් වන් ක්‍රියාවක් වනු ඇති බව ද ලලිත් තව දුරටත් කරුණු පැහැදිළි කරමින් පැවසීය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor