
චීනයේ චෙංග්ඩු හි ඇමරිකන් කොන්සල් කාර්යාලය වසා දමන ලෙස උපදෙස් දුන් බව චීන විදේශ අමාත්යංශය ප්රකාශ කළා.
මෙය ඇමරිකන් රජය විසින් හුස්ටන් නගරයේ චීන කොන්සල් කාරයාලය වසා දැමීමට එකට එක කිරීමක් ලෙසයි සැලකෙන්නේ.චීනයෙහි බීජිං අගනුවර ඇමරිකන් තානාපති කාර්යාලයට අමතරව චෙංග්ඩු, ෂැංහයි, ග්වංජෝ, ශෙන්යාංග් සහ වූහාන් නගරවල ඇමරිකන් කොන්සල් කාර්යාල තිබෙනවා.\
මේ අතර චීනය වූහාන් නගරයේ ඇමරිකන් කොන්සල් කාර්යාලයද වසා දැමීමේ තීරණයක් ගැනීමේ ඉඩක් තිබෙන බවයි වාර්තා වන්නේ.
