
ශ්‍රී ලංකා ක්‍රීඩා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අනාගත සිහිනය ක්‍රීඩා මාධ්‍යවේදීන් සඳහා වූ ඇකඩමියක් නිර්මාණය කිරීම බව එහ සභාපති රාම් ක්‍රිස් සහ ලේකම් චතූක දිවාශන පවසති.
ක්‍රීඩා මාධ්‍යවේදියාගේ සුබසාධන ගැටළුවලට පිළිතුරු සෙවීම සිය සංගමයේ මූලික අරමුණ බව පෙන්වා දෙන ඔව්හූ ඉහළ දැණුමක් සහිත වෘත්තියවේදියෙක් බවට ක්‍රීඩා මාධ්‍යවේදියා පත් කිරීමේ අපේක්ෂාවෙන් සැළසුම් සකස් කරන බව පවසති.
අන්තර් ජාතික වශයෙන් ඇති ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගම් සමඟ සමීප සබඳතාවයක් මේ වන විට ද ගොඩ නඟා ගන්නට සමත් වී ඇති බව පවසන ඔවුන් දෙදෙනා මේ වන විටත් ක්‍රිඩා මාධ්‍යවේදය පිළිබඳව හදාරන්නට කෙනෙක්ව ඇමෙරිකාවට යොමු කිරිමට සිය සංගමයට හැකි වී තිබෙන බව පෙන්වා දුන්නේය.
ඉදිරියේ දී ද මෙසේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සඳහා ක්‍රීඩා මාධ්‍ය කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට සිය සාමාජිකයන් යොමු කිරීම සඳහා පිඹුරුපත් සකස් කර තිබෙන බව පෙන්වා දෙන චතූක සහ රාම් කොවිඩ් 19 නොපැමිණියේනම් මේ වන විටත් ඒ තත්ත්වය සාක්ෂාත් කරගෙන අවසන් බව පෙන්වා දුන්හ.
